27 C
Galle

සහල් තොග ඇත්තේ මාස 04කට අඩු කාලයක් සඳහා පමණයි

Published:

රටේ පවතින සහල් තොග සියල්ල ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මාසයේ මැද දක්වා පමණක් බව අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ දී ඊයේ (23) අනාවරණය විය.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ කමිටුව ඊයේ රැස්වී තිබිණි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 200,000කි. ඒ අනුව දැනට ඇති සහල් තොග සැප්තැම්බර් මැද වනවිට අවසන්වීමට නියමිතය.

සහල් ඇතුළු වෙනත් ආහාර බෝග, පශු සම්පත්, පොහොර, බීජ සහ ඉන්ධන ගැටලු සම්බන්ධයෙන් මෙම කමිටුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එම ගැටලු විසඳීමට කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක අවශ්‍යතා ද අගමැතිවරයා විසින් පෙන්වා දී තිබේ.

රසායනික පොහොර ගෙන්වීමෙන් පසු ගොයම් අස්වැන්න ලබාගත හැකිවන්නේ පෙබරවාරි මාසයේ දී බැවින් එතෙක් ආහාර හිඟයට කඩිනම් විසඳුම් සොයාගත යුතු බව ද මෙහි දී අවධාරණය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!