26.8 C
Galle

සජිත් අගමැතිකමට කැමැත්තෙන්

Published:

අගමැති ධූරය බාරගැනීමට තමන් තවමත් සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) කොළඹ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

“මමත් අවුරුදු 20ක්, හම්බන්තොට කට්ට කාලා. මහ පොළොවේ පය ගහලා අමාරු ගමනක් ආපු පුද්ගලයෙක්. මගේ පියාණන් වගේ ම දැන් මමත් හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. මම වගකීම් බාරගන්න බෑ කිව්වේව නෑ. අදත් සූදානම් අගමැතිවරයා ලෙස වගකීම් බාරගන්න. අපේ ම පිරිසිදු කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න. අපි තිත්ත ඇත්ත කතා කරන්න ඕනෑ. හොරාගේ අම්මගෙන් පේන අහන්න පුලුවන් ද ? මහ බැංකු හොරා ඉන්න ආණ්ඩුවකට හොරු අල්ලන්න බෑ. මහ බැංකු හොරා ලංකා බැංකුවට පොලු තියලා තියෙනවා. අද තියෙන්නේ ගේම් එකක්. රටේ ජනතාවගේ ජීවිතයත් එක්කයි මේ සෙල්ලම් කරන්නේ. මම පැහැදිළිව කියනවා මේ මොහොතේ අගමැතිකම බාරගෙන පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කරන්න මම කැමතියි. නමුත් පාවාදීම්වලට අපි නෑ. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වගේ ම විධායක අගමැති කෙනෙක් නිර්මාණය නොකරන්නත් අපේ පිරිසිදු 21 වැනි සංශෝධනයේ තියෙනවා.”

යැයි ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!