27.1 C
Galle

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු 06ක් යළි රිමාන්ඩ්

Published:

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනා ඇතුළු සැකකරුවන් 06 දෙනකු ජුනි මස 01 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

කොල්ලුපිටිය මයිනාගෝ ගමට සහ ගාලු මුවදොර ගෝටා ගෝ ගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි මෙම සැකකරුවන් අද (25) යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය කරනු ලැබීය.

හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත තවත් සැකකරුවන් 06 දෙනකු ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර අද දින පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සාක්ෂිකරුවන් විසින් හඳුනා නොගත් සැකකරුවන් තිදෙනකු සහ සැකකාරියක් ඇප මත මුදාහැරීටම ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Related articles

spot_img
error: Content is protected !!