26.6 C
Galle

භාණ්ඩාගාර බිල්පත් සඳහා දැඩි ඉල්ලුමක්

Published:

අද දිනයේ පැවැති ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර ‍බිල්පත් වෙන්දේසියේ දී දැඩි ඉල්ලුමක් ඉදිරිපත් වී ඇති අතර ඒ අනුව මාස 03, 06 සහ අවුරුද්ද දක්වා වූ කාල සීමාවන්ට අදාලව රුපියල් බිලියන 09ක් වූ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව වෙනුවෙන් රුපියල් බිලියන 21.3ක ඉල්ලුම් කරුවන් ඉදිරිපත්ව ඇත. එහි දී අදාල කාලයන් සඳහා වූ පොළී අනුපාතිකයන් නොවෙනස්ව පැවැති බවත් නිරීක්ෂණය වේ.

භාණ්ඩාගාර බිල්පත් සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවීම කොටස් වෙළෙද පොළෙහි ඒ ආශ්‍රිත සමාගම්වල අධික ලාභයට හේතුවිය හැකි අතර ශ්‍රී ලාංකිකයන්ගේ ආ‍යෝජන අවස්ථාවන් වර්ධනය වීම සම්බන්ධ සාධනීය ලක්ෂණයක් ද වෙයි.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (25) දිනයේ ගනුදෙනු 16,903ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,659ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 23කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,370ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 466
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 270
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම ‍රුපියල් මිලියන 202

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 21
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 08
  • ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඇක්මී සමාගම 23%
  • සිලෝන් බෙවරේජර්ස් සමාගම 22%
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම 18%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 447
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 287
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියන 184

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 115ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 126කොටස් විකුණා තිබිණි. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට රුපියල් මිලියන 11ක මුදලක් අද දිනයේ ඉවත්කරගෙන තිබිණි.   

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 3.6
  • ඒසියා සිආකා සමාගම රුපියල් මිලියන 3.2
  • බලංගොඩ වැවිළි සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම රුපියල් මිලියන 14
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 4.8
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 3.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!