27.1 C
Galle

ගාල්ලේ ප්‍රදේශ රැසකට හෙට වතුර නෑ

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොළ සහ ඇල්පිටිය යන ප්‍රදේශවලට හෙට උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා ජල සැපයුම නවත්වනු ලැබේ. බද්දේගම ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් හේතුවෙන් එලෙස කිරීමට සිදුව ඇත.

එම කාලයේ දී හික්කඩුව ප්‍රදේශයට ජලය ලැබෙනු ඇත්තේ අඩු පීඩනයකින් බව ද පැවසේ.

Related articles

spot_img
error: Content is protected !!