ගෝල්ෆේස් සාමාකාමි අරගලකරුවන්ට පහරදිම සම්බන්ධයෙන් ඊට වගකිවයුතු මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත හා නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු පිරිස වහා අත්අඩංගුවට ගෙන රට සාමකාමි තත්වයට පත්කරන ලෙස ඉල්ලා දකුණු පළාත් ආණ්ඩුකාර වෙත සංදේශයක් භාරදීමට සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය කටයුතු කරන ලදි.
දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට ගිය පිරිස ආණ්ඩුකාර විලි ගමගේ පැමිණෙන තෙක් එහි රැදි සිටින බව පවසමින් ගේට්ටුව ඉදිරිපිට විරෝධතා පුවරු සහිතව රැදි සිටියහ. එහිදි අණබෙරයක් වයමින් සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ රවින්ද්‍ර ජාගොඩ සඳහන් කර සිටියේ ගොල්ෆේස් සාමකාමි අරගලකරුවන්ට තුච්ච ප්‍රහාරයක් එල්ල කිරිමට අනුබල දුන් මහින්ද රාජක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු හා සනත් නිශාන්ත යන දේශපාලඥයින් මෙන්ම එම සිදුවිමට ඉඩදි ඊට සහාය දුන් නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ද වහා අත්අඩංගුවට ගන්නා ලෙසයි.
මේ සම්බන්ධව දැනගැනිමට ආණ්ඩුකාර විලි ගමගේ සම්බන්ධ කරගැනිමට උත්සාහ කලද දුරකතනයට ප්‍රතිචාර නොදැක්විය. ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග සඳහන් කලේ ආණ්කාරවරයා ප්‍රදේශයෙන් බැහැර සිටින බවයි. විරෝධතාකරුවන් ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේ රැදි සිටින අතර පොලිසියෙන් කල විමසිම අනුව දැනගන්නට ලැබුනේ විරෝධතා කරුවන් ඉවත් කරන ලෙස පොලිසියට ආණ්ඩුකාර කාර්යාලයෙන් පැමිණිල්ලක් ලැබි නැති බවයි.


