26.7 C
Galle

අනතුරක් නිසා අධිවේගය වසා දමයි

Published:

ඉන්ධන බවුසරයක ගැටුණු ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඊයේ (27) රාත්‍රී පෙරැළී යාමෙන් කොළඹ සිට මාතර දෙසට රථ වාහන ධාවනය අවහිර වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ මෙම රථ දෙක ගැලනිගම සහ දොඩංගොඩ අතර 29 වැනි කිලෝ මීටර කණුව ආසන්නයේ දී අනතුරට ලක්ව තිබිණි.

අනතුර හේතුවෙන් බවුසරයේ තිබූ ඉන්ධන පිටතට කාන්දුවීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් ම වසා දැමීමට ඊයේ රාත්‍රී සිදුව තිබිණි. කෙසේ වෙතත් පසුව මාතර සිට කොළඹ දෙසට ධාවනය වන මංතිරුව විවෘත කළ අතර කොළඹ සිට මාතර දෙසට යන වාහනවලට ගැලනිගමින් පිටවී යළි දොඩංගොඩින් ඇතුළු වීමට සිදුවිය.

(ඡායාරූප – Accident 1st)

Related articles

error: Content is protected !!