27.1 C
Galle

පාර්ලිමේන්තුවේ බුෆේ කෑම නැවැත්වීමේ සූදානමක්

Published:

පාර්ලිමේන්තුවේ බුෆේ නවතා කෑම පාර්සල් ලබාදිමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

වාර්ෂිකව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට සහ අමුත්තන්ට කෑම සැපයීම සඳහා රුපියල් කෝටි 12ක් බව ද පාර්ලිමේන්තුවේ මූල්‍ය අංශය අනාවරණය කරයි.

පසුගිය දා පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 53 දෙනකු කතානායකවරයාට ලිපියක් යොමු කරමින් පවසා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන ආහාර වෙල නවතා දමන ලෙසයි. ඊට පසු දිනම ඔවුන්ගේ ආහාර වේල නවතා දමා ඇති බව ද වාර්තා වෙයි.

බු‍ෆේ ක්‍රමයට ආහාර ලබාදීම නවතා අඩු වියදම් පෝෂ්‍යදායී ආහාර පාර්සලයක් ලබාදීමට මේ වනවිට අවදානය යොමු වී ඇත.

කතානායකවරයා පවසන්නේ මෙම ආහාරවේල පිළිබඳ සමාජයෙන් එල්ල වී ඇති චෝදනා සැළකිල්ලට ගනිමින් සහ ආර්ථක තත්වය හේතවෙන් මෙවැනි තීරණයක් ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් මීළඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණයක් බව ද කතානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!