27.1 C
Galle

පොම්පකරුගේ බිරිඳ වැඩි මිලට පෙට්‍රල් විකුණලා

Published:

අලුත්ගම සමූපකාර ඉන්ධන පිරවුම් හළේ පොම්පකරුගේ බිරිඳ නීති විරෝධී ලෙස පෙට්‍රල් අළෙවි කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි.

පෙට්‍රල් බෝතලයක් රුපියල් 800.00ට අළෙවි කරන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය විසින් සිදුකරන ලද වැටලීමක දී එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබිණි.

ඇය පවසා ඇත්තේ තම සැමියා විසින් රැගෙන එන පෙට්‍රල් එලෙස අළෙවි කළ බවයි. එම නිවස පරීක්ෂා කිරීමේ දී එහි තිබී තවත් පෙට්‍රල් තොගයක් සොයාගත් බව ද ‍පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!