26.7 C
Galle

අරගලේට පහරදුන් අය අත්අඩංගුවට ගන්න යැයි සත්‍යග්‍රහයක්

Published:

ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම සම්බන්ධ චෝදනා ලැබුවන්ට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනිම හේතුකරගෙන සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය ලෙස  ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදුන් අය අත් අඩංගුවට ගන්නා ලෙස බලකරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත. මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ,දේශබන්ධු තෙන්නකෝන් යන අය වහා අත්අඩංගුවට ගන්නා ලෙස ආරම්භ කරන ලද මෙම සත්‍යග්‍රහයේ පලමු දිනයේම විශාල පිරිසක් අසුන් ගත්හ.

ඒ අතර ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයේ ලේකම් දර්ශන තන්ත්‍රීගේ , රුහුණු රට ගොවි සංවිධාන එකමුතුවේ සභාපති රවින්ද්‍ර ජාගොඩ, සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ ජිනේෂ් නානායක්කාර හා ඉන්දු ගම්පොල ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!