26.8 C
Galle

අරගලයට ගිය පෙළපාළියට පොලිසිය පහර දෙයි

Published:

ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම වෙත පැමිණි අරගලකරුවන් පිරිසක් පා ගමනින් ජනාධිපති මන්දිරය දෙසට යාමට උත්සා ගැනීම හේතුවෙන් එම පිරිසට පොලිසිය අද (27) සවස කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

ගෝඨාගෝ ගම ජන අරගලයට දින 50ක් සම්පූර්ණවීම නිමිත්තෙන් අද (27) විවිධ ප්‍රදේශවල ජනතාව අරගල භූමියට පැමිණි අතර කොල්ලුපිටියේ සිට ගෝල්ෆේස් පිටියට පැමිණි පිරිසක් මෙලෙස ජනාධිපති මන්දිරය දෙසට යාමට උත්සාහ ගනිද්දී අරගල භූමියේ සිටි පිරිසක් ඔවුන් නැවැත්වීමට ද උත්සාහ ගත්හ.

එහෙත් එම පිරිස පොලිස් මාර්ග බාධක පෙරළාගෙන ඉදිරියට යාමට උත්සාහ ගත් අවස්ථාවේ දී උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇති විය.

උද්ඝෝෂකයන් පොලිස් මාර්ග බාධක පෙරළමින් ඉදිරියට යාමට උත්සාහ ගැනීමත් සමඟ පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළුගෑස් ප්‍රහාර එල්ල කළේය.

Related articles

spot_img
error: Content is protected !!