රාජ්‍ය අංශයේ දුෂණය ඉහවහා ගොස් ඇති බවත්, දුෂණයෙන් ඉපැයු වත්කම් දේශපාලඥයන් හා ඇතැම් නිලධාරින් සතුව පවතින බවත් සමාජය එය දන්නා බවත්, අරගලයට සම්බන්ධ වු ජනතාවගේ ප්‍රධානම ඉල්ලීම හොරා කාපු සල්ලි ගැනිම බවත් ඒ සඳහා ඇති සාධනියම විසදුම වන්නේ එක්සත් ජාතින්ගේ දුෂණයට එරෙහි සම්මුතිය නීතීගත කිරිම බවත් දුෂණයට එරෙහි එක්සත් ජාතින්ගේ සම්මුතිය නීතීගත කරන ලෙස ඉල්ලමින් සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය සංවිධානය කල විරෝධතාවයකදී එහි කැඳවුම්කරු දර්ශන තන්ත්‍රීගේ සඳහන් කළේ ය.
මේ සම්මුතිය අත්සන් කළේ 2004 දී. දැනට අවුරුදු දහ අටක් ඉවරයි. ජනාධිපතිවරු හතර දෙනෙක් හිටියා ආණ්ඩු ගණනක් තිබුණා, මේ සම්මුතිය නීතීගත කළේ නැහැ. ඒ සම්මුතිය නිතිගත කළොත් හොරා කන්න බැරිවෙනවා පමණක් නොවෙයි, හොරා කාපු සල්ලි ගන්නත් පුළුවන් කම ලැබෙනවා. ජනතාව පාරට ඇවිත් කියන්නේ හොරා කාපු සල්ලි ගන්න කියලා, රට බංකොලොත් වුනේ අසිමිත හොරා කැම නිසා කියලා. දැන් ආණ්ඩුවේ වගකිම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අරගෙන අතිතයට බලපාන පරිදි ඔය සම්මුතියට අදාල දේශිය නීතීය හදන්න. හොරා කාලා තියෙන්නෙ කාගේ ආණ්ඩුව වුනත් කමක් නැ. ඒ වත්කම් පවරා ගන්න යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.


