26.8 C
Galle

පිටකොටුවේ වෙඩි තැබීමක්. එක් අයෙක් මරුට

Published:

පිටකොටුවේ බැස්ටියන් මාවතේ අද (30) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩිි තැබීම සිදුකර ඇතැයි සීසීටීවී කැමරාවලින් අනාවරණය වී ඇත.

තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිරීමෙන් පසු එක් අයකු මියගොස් තිබේ.

පිටකොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!