26.8 C
Galle

රෝගී දරුවාට කෑම දීමට හාල් නැතිව, දෙල් කැඩූ අම්මාට පහර දීලා

Published:

කුසගින්නේ සිටි දරුවාට කෑමට දීම සඳහා දෙල් ගෙඩියක් කඩා විකුණා හාල් මිල දී ගත් කාන්තාවකට ඇගේ ඥාතීන් විසින් පහර දී ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙම සිද්ධිය වාර්තාවන්නේ වැලිගෙපොළ පොලිසියෙනි.

රෝගී දරුවකු සිටින කාන්තාවක් එම දරුවාට ආහාරයක් ලබාදීමට මුදල් නොමැතිවීම හේතුවෙන් අසල්වැසි ඥාති නිවසක දෙල් ගසකින් ගෙඩියක් කඩාගෙන ගොස් එය රුපියල් 100.00කට විකුණා හාල් ග්‍රෑම් 500ක් භාගයක් මිල දී ගෙන තිබේ.

දෙල් ගෙඩියක් සොරා ගත්තා යැයි කියමින් එම ගසේ හිමිකරු බව කියන පුද්ගලයකු ඇයට අමානුෂික ලෙස පහර දී ඇත.

පහර කෑමට ලක්වූ කාන්තාව ඒ පිළිබඳ පොලිසියට පැමිණනිලි කර ඇති අතර පොලිසිය පවසන්නේ එම කාන්තාවට පහර දී ඇත්තේ ඇගේම ඥාතියකු බවයි.

Related articles

spot_img
error: Content is protected !!