26.8 C
Galle

සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1000ක් වීමේ අවදානමක්

Published:

තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකාවේ සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1000.00 ඉක්මවනු ඇතැයි ගොවි සංවිධාන පවසයි.

මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාළ රත්නායක පවසන්නේ ඉදිරි කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා නෙදෙන්නේ නම් එවැනි තත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි.

එම සංගමයේ සභාපති මුදිත පෙරේරා කියා සිටියේ පොහොර තහනම හේතුවෙන් මේ ඛේදජනක තත්වය ඇති වූ බවයි.

මේ අතර එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරන්නේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට සහල් හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි.

Related articles

error: Content is protected !!