31.3 C
Galle

අත්අඩංගුවට ගත් රැට්ටා ඇප මත මුදාහැරේ

Published:

ගෝඨාගෝ ගම අරගලයේ ක්‍රියාකාරිකයකු මෙන් ම සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයකු වන රැට්ටා හෙවත් රතිඳු සුරම්‍ය සේනාරත්න අද (30) සවස කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ දී විරෝධතාවවක නිරතවීම සහ අධිකරණ කටයුතුවල නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන ආකාරයෙන් කටයුතු කිරීම යන චෝදනා එල්ල කරමින් ප්‍රකාශයක් ලබාගැනීමට අද කොම්පඤ්ඤවීදිය පොලිසියට ඔහු කැඳවා තිබිණි.

ඒ හේතුවෙන් අද සවස ඔහු නීතිඥයකු ද සමඟ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණි අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.  

පොලිසිය කියා සිටියේ ඔහු හෙට (31) ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයේ සමාජ මාධ්‍යතුල දැඩි විරෝධයක් ඇති වූ අතර අද (30) රාත්‍රියේ ම පොලිස් ඇප මත ඔහු මුදාහැරීමට පොලිසිය කටයුතු කළේය.

Related articles

spot_img
error: Content is protected !!