31.3 C
Galle

දින කිහිපයක් මහ වැසි ඇතිවන ලකුණු

Published:

ප්‍රදේශ ගණනාවකට මිලිමීටර 100 ඉක්මවූ වර්ෂාවක් අද (31) සහ ඉදිරි දින කිහිපයේ ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

අපට වාර්තාවන ආකාරයට මේ වනවිටත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවෙමින් පවතී.

කාලගුණ වාර්තාවේ දැක්වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්තාන කිහියක වැසි ඇතිවිය හැකි වයි.

එමෙන්ම තද සුං අතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Related articles

spot_img
error: Content is protected !!