31.3 C
Galle

විභාගය ලියන සිසුවියට, ශාලා නිරීක්ෂක අතවර කරලා. අමාත්‍යාංශයෙන් පුළුල් පරීක්ෂණයක්

Published:

අනුරාධපුරයේ, හිදෝගම, කලුවිල සේන මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලියමින් සිටි සිසුවියකට ශාලා නිරීක්ෂක ගුරුවරයකු විසින් අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ සම්බන්ධ තොරතුරු මාධ්‍යවල පළවීමත් සමඟ ඒ ගැන අවධානය යොමුකළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත විභාග කොමසාරිස් ජනරාල්වරයාට ඒ සම්බන්ධ පරීක්ෂණයක් කරන්න යැයි දැනුම් දී තිබේ.

පසුගිය 25 වැනි දා ඉතිහාසය විෂයට අදාල විභාගය පැවැත්වෙන අතරතුර මෙම අතවරය සිදුකර ඇතැයි වාර්තා‍ වේ. විභාගය අතරතුරත් පසුව විවේක කාලය තුළත් ගුරුවරයා විසින් එම සිසුවියට අතවර කරන ලද බව හිදෝගම පොලිසියට සිසුවිය සහ ඇගේ දෙමාපියන් විසින් පැමිණිලි කර තිබිණි.

මේ අනුව පොලිසිය අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු ජුනි මස 02 වැනි දා දක්වා ඇය බන්ධනාගාරගත කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!