31.3 C
Galle

දුමින්දට ජනපති දුන් නිදහස අත්හිටුවයි

Published:

දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පොදු සමාව යටතේ නිදහස ලබා දීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මකවන පරිදි ‍ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (31) අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.

දුමින්ද සිල්වා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර විදෙස්ගමන් බලපත්‍රය ද අධිකරණයට බාර දෙන ලෙස නියෝග කෙරිණි.

යසන්ත කෝදාගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙල්ගප්පුලි යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ලබාදෙන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද සහ ඇගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සැළකිල්ලට ගනිමිනි.

Related articles

spot_img
error: Content is protected !!