29.4 C
Galle

මත්තල සහ රත්මලාන ගුවන්තොටුපොළවල් වසා දැමීමට යයි

Published:

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ රත්මලාන ගුවන්තෙටුපොළ වසා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

එම ගුවන්තොටුපොළ නඩත්තුව සඳහා ප්‍රමාණවත් මෙහෙයුම් කටයුතු සිදු නොවීම හේතුවෙන් පවතින ආර්ථික අර්බුදය හමුවේ එම ස්ථානවල මෙහෙයුම් කටයුතු නැවැත්වීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව නැතැයි වරාහ සහ ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ගුවන් තොටුපොළවල් දෙකට පත්කර ඇති කාර්ය මණ්ඩල නඩත්තු කිරීම පවා මේ වනවිට අසීරු වී ඇත.

මත්තල ගුවන්තොටුපොලේ රාජකාරී සඳහා කාර්ය මණ්ඩලය රැගෙන සුඛෝපභෝගී බසයක් දිනපතා මත්තටල ගමන් කරන අතර එම බසයට අවශ්‍ය වියදමට ප්‍රමාණවත් ආදායමක් හෝ මත්තලින් නොලැබෙන බව ද වාර්තා වේ.

මත්තල ගුවන්තොටුපොළෙහි ගුවන් සේවා කටයුතු ඉටුවීම පවා ප්‍රමාණවත් නොවී තිබිය දී පසුගිය මාර්තු 27 වැනි දා රත්මලාන ගුවන්‍තොටුපොළ ද ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් බව ටපත්කරමින් රුපියල් ලක්ෂ 80ක් වැය කර උත්සවාකාරයෙන් විවෘථ කෙරිණි. එද එහි පැමිණි මාලදිවයින් ජාතික ගුවන් සේවයේ මගී ගුවන් යානය ද ආපසු පිටත්ව ඇත්තේ හිස්වය. දැන් එම ගුවන්තොටුපොළ ද හුදකලා වී තිබේ.

Related articles

error: Content is protected !!