31.6 C
Galle

පුද්ගලික බස් රථ සඳුදා සිට ධාවනයෙන් ඉවතට ?

Published:

බස් රථ ධාවනයට ප්‍රමාණවත් ඩීසල් නොලැබීම හේතුවෙන් ලබන සඳුදා (06) සිට සියලු ම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

අද (01) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව කියා සිටියේය.

ලංගම ඩිපෝ මගින් පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදෙන බව ප්‍රකාශ කළ ද ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීමත් ඩීසල් ගැනීමට දින ගණන් පෝළිම්වල රැඳී සිටීමට සිදුව තිබීමත් බරපතල ගැටලුවක් වී ඇතැයි ඔහු කියයි.

ඉදිරි දින 04 ක කාලයේ දී මගී ප්‍රවාහන පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාගැනීමට ප්‍රමුඛතාව දෙන වැඩපිළිවෙලක් සකස් කර නැත්නම් සඳුදා සිට ධාවනයෙන් ඉවත්වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!