31.6 C
Galle

උසස් පෙළ කල් දමයි

Published:

මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල පැවැත්වීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවදානය යොමුව ඇත.

උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතව තිබුණේ අගෝස්තු මාසයේ දී ය. නමුත් කොරෝනා හේතුවෙන් රට වසා තැබීමට සිදුවීම නිසා මෙලෙස උසස්පෙළ මාස කිහිපයක් කල් දැමීට සිදුව ඇති බව රජය පවසයි.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

මෙවර දෙසැම්බර් නිවාඩුවේ ආරම්භය දෙසැම්බර් 22 හෝ 23 තරම් කාලයක් දක්වා ඇදී යනු ඇතැයි ද පාසල් සිසුන්ගේ අධ්‍යයන දින ගණන උපරිම සංඛ්‍යාවක් බවට පත්කිරීම එහි අපේක්ෂාව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!