31.6 C
Galle

මිතුරා බේරාගැනීමට ගිය පාසල් සිසුන් දෙදෙනා ජලයේ ගිලී මරුට

Published:

කළුතර, ගල්පාත, කක්කඩුව ඇලේ දිය නෑමට ගිය 14 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු අද (02) සවස දියේ ගිලී මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්පාත පදිංචි රණවක ආරච්චිලාගේ රවීන්ද්‍ර යසස් සහ රණවක ආචරච්චිගේ චමිල් විශ්මිත යන දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා තවත් පිරිසක් සමඟ දිය නෑමට ගොස් සිටිය දී ඔවුන්ගේ සම වයස් සිසුවකු ජලයේ ගසාගෙන යනු දැක ඔහු බේරාගැනීමට උත්සාහ ගෙන ඇත. එසේ මිතුරා බේරාගැනීමට උත්සාහ ගැනීමේ දී ජල පහර හසුව ඔවුන් දෙදෙනා ද ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!