31.6 C
Galle

වව්නියාවේ පාසල් සිසුන් දෙදෙනකුත් වැවක ගිලී මරුට

Published:

වව්නියාවේ, ඊරට්පෙරියකුලම වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වව්නියාව තේක්කවත්ත පදිංචි නදීශාන් නිදුසර (14) සහ කාර්නත් තයිලාෂ් (16) නමැති දෙදෙනෙකි.

තවත් මිතුරන් දෙදෙනකු සමඟ ඔවුන් ඊරට්ටපෙරියකුලම වැවේ දිය නාමින් සිටිය දී එකවර වැවේ ගිලී ඇතැයි පොලිසිය කියයි.

පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව පැය දෙකක පමණ කාලයක් වැවේ සෝදිසි මෙහෙයුමක් සිදුකර ඔවුන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබණි.

Related articles

spot_img
error: Content is protected !!