30.5 C
Galle

හොර ලියවිලි දීලා, මන්ත්‍රීවරු පිරිසක් ගෙවල් අරන්

Published:

හොර ලියවිලි ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරු 20 දෙනකුට ආසන්න පිරිසක් නීති විරෝධී ලෙස මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවාස රැගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ ‍දත්ත අනුව තහවරු වෙයි.

කොළඹ නිවාස හිමි මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් නිවසක් ලබාදෙන්නේ නැත.  මෙලෙස නීති විරෝධී ලෙස නිල නිවාස ලබාගෙන ඇති ඇතැම් මන්ත්‍රීවරු තමන්ට කොළඹ නිවසක් නොමැති යැයි දිවුරුම් ප්‍රකාශ පවා ඉදිරිපත් කර තිබේ.

එලෙස නිවාස රැගෙන ඇති ඇතැම් මන්ත්‍රීවරුන්ට කොළඹ දිස්ත්‍රික්කයෙන් නිවාස දෙක තුන හිමි බව ද තහවුරු වී ඇත. කෙසේ වෙතත් දුර බැහැර පදිංචි කොළඹ නිවසක් නොමැති මන්ත්‍රීවරු කිහිප දෙනකුට තවමත් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබාගැනීමට දුෂ්කර වී ඇතැයි ද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!