30.5 C
Galle

වෙදආරච්චි, පුතාත් ලේලියත් පොලිසියට එවන බව කියයි

Published:

තම පුතා සහ ලේලිය හෙට (06) පොලිසියට ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි අද (05) කිවේය.

ඔහු පවසන්නේ තම පුතාට පොලිසියෙන් පහර දුන් බැවින් එම ස්ථානයේ ඇති වූ බහින්බස්වීම් අතරතුර කුණුහරුප කියා ඇති බවයි. තම සැමියාට පහරදෙන විට බිරිඳ බලාගෙන නොසිටින බවත් ඇය බැන වැදී ඇති බවත් හිටපු අමාත්‍යවරයා පවසයි.

“සඳුදාට අපි අපේ දරුවො දෙන්නා පොලිසියට ඉදිරිපත් කරනවා.” යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.

එම සිද්ධියෙන් පසු තවමත්  සැඟවී සිටින එම යුවළට නවාතැන් දුන් බව කියන සංචාරක ‍හෝටල් හිමිකරුවකු ද වීරකැටිය පොලිසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!