30.5 C
Galle

පුද්ගලික බස් රැසක් හෙට සිට ධාවනයෙන් ඉවත්වෙයි

Published:

පුද්ගලික බස් රථ ධාවනය හෙට (06) සිට සීමා කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා බස්රථ 6,000ක් පමණ අඩුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

බස්රථ හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ පසුගිය සතියේ මේ තත්වය පැහැදිළි කරමින් ඩීසල් ලබාදීමේ ස්ථිර වැඩපිළිවෙලක් සකස්කර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිය ද ඊට නිසි ප්‍රතිචාර නොලැබුණු බැවින් මෙලෙස ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් ඔහු සඳහන් කරන්නේ නව පාසල් වාරය ආරම්භවන බැවින් හෙට දිනයේ පාසල්වෙත යන ළමුන් සඳහා බස්රථ යෙදවීමට අපේක්ෂා කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!