28.6 C
Galle

පොලිස් ලොක්කන් මාරු කිරීම නීති විරෝධී දැයි රාජ්‍ය සේවා කොමිසමේ අවධානයට

Published:

රාජ්‍ය සේවා කොමිසමට නොදන්වා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනකු රාජකාරී අවශ්‍යතාවයන් සඳහා යැයි කියමින් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ස්ථාන මාරුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම පොලිස්පතිවරයාගෙන් සහ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

මේ සම්බන්ධයෙන්  ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන හෙට (07) දිනයේ රාජ්‍ය සේවා කොමිෂන් සභා රැස්වීමේ දී තීරණය කිරීමට නියමිත බව ද වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වන නීතිඥ අජිත් රෝහණ, රජිත ශ්‍රී දමින්ද සහ කමල් සිල්වා යන තිදෙනා මෙලෙස ස්ථාන මාරුවීම් කර තිබිණි. කොමිසමට නොදන්වා ඔවුන් මාරු කර තිබුණේ සේවා අවශ්‍යතාව මත බව පවසමිනි.

රාජ්‍ය සේවා කොමිසම මෙම මාරුකිරීම් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සිය බලය අභිබවා මෙහි දී කටයුතු කර ඇත්දැයි යන්න පිළිබඳ රාජ්‍ය සේවා කොමිසමේ අවධානය යොමුව තිබේ.

මේ අතර දේශපාලනඥයන්ගේ බලපෑම මත පොලිස් ස්ථානාධිපතිවරු 182නකු පත්කිරීම සම්බන්ධයෙන් ද රාජ්‍ය සේවා කොමිසමේ අවධානය යොමුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!