31.1 C
Galle

මහින්දගේ ආණ්ඩුව, වන්දි දෙනවා යැයි කියමින් ගොවීන් රවට්ටලා

Published:

රසායනික පොහොර තහනම හේතුවෙන් මහ කන්නයේ වී වගාව හානිවූ ගොවීන්ට වන්දි ගෙවන බවට හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු දේශපාලකයන් මීට පෙර දැනුම් දුන්න ද ඒ සඳහා කිසිදු මුදලක් වෙන්කර නැතැයි ද එය අසත්‍යයක් බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දා ගොවි සංවිධාන නියෝජිතයන් විසින් වර්තමාන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මේ වන්දි මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී අමාත්‍යවරයා ඒ ගැන කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසා තිබේ.

එහි දී අනාවරණය වී ඇත්තේ එවැනි වන්දි ගෙවීමක සඳහා මුදල‍් වෙන්කිරීම හෝ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීම හෝ කර නොමැති බවයි.

ඒ අනුව පැහැදිළි වන්නේ රජය විසින් පනවන ලද පොහොර තහනම හේතුවෙන් වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ගෙවන බව කියමින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ රජය ගොවීන් රවටා ඇති බවයි.

Related articles

error: Content is protected !!