31.1 C
Galle

රුසියන් යානයට දුන් වාරණය ඉවත්කරයි

Published:

ශ්‍රී ලංකාවේ රඳවා ගත් රුසියානු ගුවන්යානයට එරෙහි තහනම් නියෝගය අද (06) කොළඹ වාණිජ මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් ම මෙම නියෝගය ලබා දී තිබිණි.. ගුවන් යානය මෙරට රඳවාගැනීමෙන් පසු එම යානයේ ගමන් කිරීමට සිටි මගීන් ඊයේ වනවිට රටින් පිටව ගොස් සිටි අතර එම රඳවාගැනීමට රුසියාවෙන් දැඩි විරෝධයක් ද එල්ල වී තිබිණි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා මෝසමක් මගින් අද වාණිජ මහාධිකරණයට කරුණු දැක්වීමෙන් පසු මෙලෙස වාරණ නියෝය අත්හිටුවනු ලැබූ අතර එම මොහොතේ සිට එම නියෝගය ක්‍රියාත්මක වෙයි.

Related articles

error: Content is protected !!