32.7 C
Galle

රුපියල බාල්දු වෙද්දී, රටට ඩොලර් ලැබීම වැඩිවෙලා

Published:

රජය සහ මහ බැංකුව විසින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති විනිමය අනුපාතික සැකැස්ම හේතුවේන දේශීය විදේශීය විනිමය වෙළෙඳ ‍පොළ ස්ථාවර වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම නිවේදනයේ දැක්වෙන්නේ මේ වනවිට ශ්‍රී ලංකා බැංකු පද්ධතියට විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ මුදල් ලැබෙමින් පවතින බවයි.

පසුගිය කාලයක් පුරා ඩොලරයක් සඳහා ලබාදෙන රුපියල් ප්‍රමාණය 200 සීමාවේ බලෙන් රඳවාගෙන තබාගැනීම හේතුවෙන් රටට විදේශ විනිමය ගලා ඒම වේගයෙන් අඩු වී ගියේය. මෙය මෙරට විදේශ විනිමය සංචිතයට අහිතකර බලපෑමක් කර තිබිණි.

මහ බැංකුව පවසන්නේ පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී ආනයන වියදම ද අඩු වී ඇති බවයි.

Related articles

error: Content is protected !!