32.7 C
Galle

යූරියා සඳහා ඉන්දීය බැංකුවකින් ණය ගැනීමට කැබිනට් අනුමැතිය ලැබෙයි

Published:

යූරියා පොහොර මිල දී ගැනීම සඳහා ඉන්දීය අපනයන-ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය මුදලක් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඉන්දියාව සමඟ කරන ලද සාකච්ඡාවකට අනුව එම බැංකුව විසින් අදාල ණය මුදල ලබා දීමට එකඟ වී ඇති බව දැනුම් දෙමින් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපපත්ති අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ඉදිරියේ දී එම ණය මුදලට අදාල ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

Related articles

error: Content is protected !!