32.7 C
Galle

අජිත් නිවාඩ් කබ්රාල් ඇප මත මුදාහරී

Published:

ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 65ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් ලක්ෂ 100ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (07) නියෝග කළේය.

ශ්‍රී ලංකා රජයට අයත් මුදල් මේ ආකාරයට සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් නව පැමිණිල්ලක් ගොනු කිරීමට ද මහේස්ත්‍රාත්වරයා පැමිණිලි පාර්ශවයට දැනුම් දුන්නේය.

පුද්ගලික පැමිණිල්ලක් ලෙස මෙය ඉදිරිපත් කර තිබුණේ නුගේගොඩ නාලන්දාරාමාධිපපති තීනියාවල පාලිත හිමියන් විසිනි. එම පැමිණිල්ල අනුව අධිකරණය මගින් හිටපු මහබැංකු අධිපතිවරයාට නොතීසි නිකුත් කෙරිණි.

2014 වර්ෂයේ මහ බැංකු අධිපතිවරයාව සිටි අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 65ක් ඇමෙරිකානු ඔත්තු සේවයේ සිටි අහමඩ් සබ්රි නමැති අයකුට ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැංවීමට යැයි කියමින් ගෙවා ඇති බවට පැමිණිල්ලේ සඳහන් කර ඇත.

Related articles

error: Content is protected !!