32.7 C
Galle

දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්

Published:

ගම්පොළ අටබාගේ මැල්ල ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවකු අතුරුදන්ව ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ගම්පොළ නව දේවිට ප්‍රදේශයේ පදිංචි කවීන් එරන්ද මාරසිංහ නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔහු විභාගය අවසන්වීම හේතුවෙන් අටබාගේ උඩගම ප්‍රදේශයේ පදිංචි සිය මිතුරකුගේ නිවසට ගොස් දෙදෙනා එක්ව අටබාගේ ඔයේ දිය නෑමට ගිය බව ඥාතීන් පවසයි.

දෙදෙනාම දියේ පහළට ගසාගෙන යද්දී එක් අයකු දිවි ගලවාගෙන ඇත. අනතුර සිදුව ඇත්තේ ඊයේ (06) සවස් කාලයේ දී ය මේ දක්වාම සිසුවාගේ සිරුර හමුවී නැත.   

Related articles

error: Content is protected !!