32.7 C
Galle

පාසල් වෑන් සඳහාත් ලංගම ඩිපෝවලින් ඉන්ධන දෙයි. වගාකරුවන්ට සහ ධීවරයන්ට වි‍ශේෂ ක්‍රමයක්

Published:

පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඉන්ධන පිරවුම්හල් මගින් හෙට (08) සිට ඉන්ධන ලබාදීමට තීරණය කර ඇතැයි ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු මේ බව අද (07) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

ඩීසල් ලබාදීම යම් පමණකට සීමා කිරීමට සිදුව ඇති බැවින් පුද්ගලික බස්රථ සහ  පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා ඉන්ධන ලබාදීම ගැටලුවක් වී ඇති බැවින් එලෙස ලංගම ඉන්ධන හල්වලින් ඉනධන දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව වගාකටයුතු සඳහා බහුලව ඉන්ධන අවශ්‍යවන ප්‍රදේශවල හඳුනාගත් ඉන්ධන පිරවුම්හල් 160 ක් සඳහා ඩීසල් සහ භූමිතෙල් නිකුත්කර ඒවා කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීමට කටයුතු කර ඇතැයි ද ඔහු පවසයි. ධීවර වරායන් සඳහා ද අද සිට ඉන්ධන ලබාදීම විධිමත්ව සිදුකරන බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කිවේය.

Related articles

error: Content is protected !!