32.7 C
Galle

“රට ගොඩගන්න වෙන්නේ 2025 දී. ඉදිරි මාස 06ට ඩොලර් බිලියන 06ක් ඕනෑ” – රනිල්

Published:

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ රටේ ජන ජීවිතය සාමාන්‍ය මට්ටම පවත්වාගෙන යාමට නම් ඉදිරි මාස 06ක කාලයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 05ක මුදලක් අවශ්‍යව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අභියෝග සහ ඒ සඳහා විසඳුම් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ රුපියල ශක්තිමත් කිරීමට නම් තවත් ඩොලර් බිලියන 01 අවශ්‍ය බැවින් ඉදිරි මාස 06 දී රටට ඩොලර් මිලියන 06 ක් වැනි අතිවිශාල විදෙස් මුදල් ප්‍රමාණයක් අවශ්‍යකර තිබෙන බවයි.

එම මුදල ලැබෙන්නේ නම් රට නොවැටී පවත්වාගෙන යා හැකි බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

“ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 2022 වර්ෂය වන විට සෘණ 04ත් සෘණ 05ත් අතරට කඩා වැටිලා බව මහ බැංකුව ප්‍රකාශ කරනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ අපේ දළ දේශීය නිෂ්පාදනය සෘණ 6.9ක් කියලා. මේක ඉතාමත් භයානක තතව්යක්. රුසියානු යුක්රේන යුද්ධය නිසා මෙය තවත් දරුණු වේවි. ලෝකයේ රටවල් රැසක දළ ද‍ෙශීය නිෂ්පාදනය පහත වැටෙනවා. මෙය යථාතත්වයට පත්කරන්න පුළුවන්‍ වෙන්නේ 2024 වර්ෂයේ දී බවට පුරෝකථනය කර තිබෙනවා.” අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“අපිට මේ තත්වයනේ අත්මිදී ආර්ථිකය ස්ථාවර කිරීමට කෙටි කාලීන ස්ථාවර සැළැස්මක් අවශ්‍යයි. එය පාර්ලිමේන්තුවේ බලය වෙනස්වුණා කියලවත්, තනතුරු මාරුවුණා කියලවත් බලය පත්වන පක්ෂය කුමක් වුවත් වෙනස් නොවිය යුතු දෙයක්. එහෙම කළොත් 2024 දී ආර්ථිකය යම් තරමකට දිරිගන්වන්න පුළුවන් තැනකට ගෙග්න්න පුළුවන් වේවි.  2025 දී තමයි අයවැය සමබර කරන්න පුළුවවන් වෙන්නේ එතැනින් පසු රට සංවර්ධනය කළ යුතුයි.” යනුවෙන් ද අගමැතිවරයා මෙහි දී කීවේය.

Related articles

error: Content is protected !!