26.8 C
Galle

වෙදආරච්චි සහ බිරිඳ රිමාන්ඩ්

Published:

පොලිස් නිලධාරන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් රාජකාරියට බාධා කළැයි චෝදනා කරමින් අධිකරණයට ඉදිරිපත් කළ රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ නෙත්මි හරින්දි හෙට (08) දක්වා රිමාන්ඩ් කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ අද (07) නියෝග කළේය.

රවිඳු වෙදආරච්චි තංගල්ල නගර සභාවේ හිටපු සභාපතිවරයා වන අතර ඔහු හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයාය.

මෙම සැමියා සහ බිරිඳ තම පුද්ගලික කැබ් රථයක පිටුපස ආවරණය නොකළ කොටසේ අනාරක්ෂිත ලෙස ශීතකරණනයක් රැගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ කිරීමේ දී එහි සිටි පොලිස් නිලධාරීන් ඔවුන්ට ඊට අවසර දී නැත. මේ අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා සහ පොලිස් නිලධාරීන් අතර බහින්බස් වීමක් සිදුව ඇත.

පොලිසිය පවසන්නේ ඔවුන් තම රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑ බවයි.

Related articles

spot_img
error: Content is protected !!