32.7 C
Galle

TikTok තරුණයා සොයා 12 හැවිරිදි දැරිය මුලතිව් සිට හැටන් යයි

Published:

ටික්ටොක් සමාජ මාධ්‍ය ජලාවෙන් හඳුනාගත් තරුණයකු හමුවීමට මුලතිව් සිට 12 හැවිරිදි දැරියක් දෙමාපියන්ට නොදන්වා හැටන් දක්වා ගොස් ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

මෙම පාසල් දැරිය සිය දෙමාපියන් වෙත ලිපියක් ද ලියා ජංගම දුරකථනයක් සහ මුදල් ද රැගෙන නිවසින් පලාගොස් ඇති බවට ඇගේ පියා ඊයේ (06) පොලිසියට පැමිණිලි කර තිබිණි.

එම ලිපියේ සඳහන් කර තිබී ඇත්තේ තමන් නිවසින් යන බැවින් සොයන්නට එපා යනුවෙනි. අවශ්‍යනම් කතා කරන්න යැයි දුරකථනයක් ද සටහන් කර තිබූ බව පෙපාලිසිය පවසයි. එම ලිපිය දුටු මොහොතේ සිට දුරකථන අංකයට ඇමතුම් ගත්ත ද එය ක්‍රියාවිරහිත කර තිබී ඇත. පසුව පොලිසිය ද එම අංකයට ඇමතුම් ගත්ත ද සාර්ථක වී නැත. අද (07) සවස දැරිය එම දුරකථනය සක්‍රීය කර තිබීම නිසා සම්බන්ධකරගැනීමට හැකි වී තිබේ.

ඒ වනවිට දැරිය හැටන් ප්‍රදේශයේ සිටින බව අනාවරණය වී ඇත. ටික් ටොක් ඔස්සේ හඳුනාගත් තරුණයකු හමුවීමට ඇය එහි ‍යන්නට ඇතැයි පොලිසිය කියයි. කෙසේ වෙතත් දැරිය ආරක්ෂිතව යළි දෙමාපියන් වෙත රැගෙන ඒම සඳහා පොලිසිය මේ වනවිට කටයුතු කරමින් සිටියි.

Related articles

error: Content is protected !!