26.8 C
Galle

අත්අඩංගුවට ගන්න එපා යැයි කියමින් ජොන්ස්ටන්ගෙන් පෙත්සමක්

Published:

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඔහු එම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ පසුගිය මැයි 09 වැනි දා මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නීතිපතිවරයා විසින් තමන්ව නම් කිරීම නීති විරෝධී බව බැවින් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙසයි.

පෙත්සම ඉදිරිපත් කර ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු  මැයි 09 වැනි දා පහර දීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර ඇත්තේ‍ කො‍ළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව විසිනි.

මෙය නීති විරෝධී බව පවසමින් ඔහු තම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!