29.6 C
Galle

බැසිල් ඉවත් වී, මන්ත්‍රීධූරය ප්‍රකට ව්‍යාපාරිකයකුට ?

Published:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉවත්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ඔහුගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කරන බව ද ඉහළ පෙළේ කතාබහක් ඇති වී තිබේ.

පසුගිය දිනක රූපවාහිනී නාලිකාවකට එක්වෙමින් ධම්මික පෙරේරා කියා සිටියේ තමන් ඕනෑම වගකීමක් බාරගැනීමට සූදානම් බවයි. ධම්මික පෙරේරාට ආර්ථිකය සම්බන්ධ ප්‍රබල වගකීමක් පැවරෙනු ඇතැයි ද මේ වනවිට කතා බහක් ඇති වී තිබේ.

Related articles

error: Content is protected !!