29.6 C
Galle

ජපානයේ කම්හලක ගැටුමක දී ශ්‍රී ලාංකිකයෙක් ඝාතනය කරලා. සැකකරුත් ශ්‍රී ලාංකිකයෙක්

Published:

ජපානයේ ටෝකියෝ නගරයේ කාර්මික ශිල්පියකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකු ඝාතනයට ලක්ව ඇති බවත් ඔහුගේ ඝාතනයට සැකපිට තවත් ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ උපුල් රෝහණ නමැති ‍පාතහේවාහැර පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙකි.

වසර තුනක කාලයක් ජපානයේ රැකියාවක නිරතව සිටි ඔහු තම කොන්ත්‍රාත් කාලය නිමාකර යළි සති කිහිපයකින් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටියේය.

බෙන්දෝ නගරයේ පිහිටි කර්මාන්තශාලාවක සේවකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි එරට පොලිසිය පවසයි. පසුගිය ඉරිදා (05) එම ගැටුම සම්බන්ධයෙන් තොරතුරු ලැබී පොලිසිය එම ස්ථානයට යන විට මියගිය උපුල් රෝහණ විශාල කැපුම් තුවාලයක් සහිතව සිටි බවත් පසුව ඔහු රෝහල්ගත කළ විට මියගිය බවත් පොලිසිය පවසා තිබේ.

එම ස්ථානයේ සිටි සැකකරු පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ද 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.

Related articles

error: Content is protected !!