26.8 C
Galle

ලිංගික සම්බන්ධතා පැවැත්වීම ගැන, සෞඛ්‍ය අංශ අනතරු අඟවයි

Published:

“අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා කිසිසේත්ම පවත්වන්න එපා” යැයි ඒඩ්ස් මර්ධන එවැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ඉල්ලා සිටියි.

HIV වෛරසය කිසියම් අයකු‍ගේ ශරීරගත වී ඇත්දැයි සොයාබැලීමට අවශ්‍යවන පරීක්ෂණ කට්ටල මේ වනවිට හිඟ වී ඇති බැවින් මීට පෙර කරන ලද එවැනි පරීක්ෂණ නවතා දැමීමට සිදුව ඇති බව ද ඇය පවසයි.

මෙරට සමාජය තුළ HIV වෛරසය ශරීරගත වූ පුද්ගලයන් ඒ බව නොදැන සිටිය හැකි බැවින් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට දුෂ්කර වීම රෝග ව්‍යාප්තියට හේතුවක් විය හැකි බව වෛද්‍ය අංශ අනතුරු අඟවයි.

HIV වෛරසය ශරීගතවීමෙන් වැළකී සිටීමට සහ ඒඩ්ස් රෝගයට ගොදුරුවීමෙන් වැළකී සිටීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවලින් වැළකී සිටීම බව ද වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසයි.

 මේ වනවිට HIV පරීක්ෂණ ගැබිනි මව්වරුන් සඳහා අනිවාර්යයෙන් ම සිදුකරන බවත් වාර්ෂිකව එවැනි පරීක්ෂණ 350,000ක් පමණ සිදුකරන බවත් ඇය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!