29.6 C
Galle

අගමැති IMF ප්‍රධානියාට දුරකථනයෙන් කියූ දේ

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිතයන්ට හැකි ඉක්මණින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ආරාධනා කර තිබේ.

මෙම ආරාධනාව කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝර්ජිවාට දුරකකථන ඇමතුමක්  දෙමිනි.

අගමැති මාධ්‍ය ඒකකය පවසන්නේ රටේ වත්මන් ආර්ථික තත්වය අගමැතිවරයා විසින් පැහැදිළිකර දී IMF නියෝජිතයන්ට හැකි ඉක්මණින් ශ්‍රී ලංකාවට එන්න යැයි ආරාධනා කළ බවයි.

IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කිරීම මත ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය සම්බන්ධතා ගොඩනගා ගැනීම රඳා පවතින බව ද අගමැතිවරයා මෙහි දී පවසා තිබේ.

අගමැති මාධ්‍ය ඒකකය පවසන්නේ IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාවට හැකි ඉක්මණින් සහයවීමට කැමැත්ත පළ කර ඇති බවයි.

Related articles

error: Content is protected !!