26.8 C
Galle

කෝප්, කෝපා කමිටු සභාපති ධූර විපක්ෂයට

Published:

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPE), රජයේ ගිණුම් පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPA) සහ මහජන පෙපත්සම් කාරක සභාව යන ත්‍රිත්වයේ ම සභාපතිධූරය විරුද්ධ පක්ෂයට ලබාදිය යුතු බවට විපක්ෂයෙන් කරන ලද යෝජනාවකට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ එකඟතාව හිමිව තිබේ.  

එමෙන් ම එම කමිටුවල කිසියම් සාමාජිකයකු රැස්වීම් තුනකට සහභාගී නොවුවහොත් ඒ සාමාජිකයා සාමාජිකත්වය හැරගියා සේ සැළකෙන සංශෝධනයකට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාව හිමිව ඇත.

මෙම කාරක සභාවල බලතල වැඩිකිරීමට දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කෙරුණු ස්ථාවර නියෝග සංශෝධනය කිරීමේ කෙටුම්පතට ද පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාව ලැබී තිබේ.

මෙම කාරක සභා වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් නොනැවතී තවත් ඉදිරියට ගමන් කිරීමට බලතල ලබාදීම සඳහා මෙම සංශෝධන ගෙනවිත් තිබේ.

කෝප් සහ කෝපා කාරක සභාවල සාමාජික මන්ත්‍රීවරුන් කිසිවෙක් කැබිනට් අමාත්‍යධූර නොදැරිය යුතුය යනුවෙන්වූ සංශෝධනයක්ද සභානායක දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවලට ඇතුළත්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!