ලංකා විදුලි බල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයට සහය නොදක්වන බව නිවේදදනය කර තිබේ.
සිවිල් හා යාන්ත්‍රික ඉංජිනේරුවන් නියෝජනය කරන මෙම ලංවිම ස්වාධීන ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිේනරු යූ.කේ.එල්.චූලකීර්තිගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ විදුලි බල මණ්ඩලයේ ඇතැම් වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන බව පවසන වැඩ වර්ජනය සඳහා තම සංගමය කිසිදු සහභාගීත්වයක් හෝ සහයෝගයක් නොදක්වන බවයි.
රටේ ඇති අර්බුද හමුමේ මහජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින අවස්ථාවක ජන ජීවිතය අඩාල කරනු ලබන කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන බව ද එම සංගමය සිය මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත. එමෙන් ම යෝජිත වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවහොත් මහජනතාවට විදින්නට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා හැකි උපරිමයෙන් ලංවිම ස්වාධීන ඉංජිනේරු සංගමය කටයුතු කරන බව ද ඔවුන් පවසයි.
වැඩ වර්ජනයට සහාය නොදැක්වුව ද විදුලිබල පනත සඳහා යෝජිත සංශෝදනවල රටට සහ රටේ බලශක්ති ස්වාධීනත්වයට අහිතකර වූ සංශෝධන ඉවවත්කිරීමට රජයට බලකරන බව ද ඒ සඳහා සාකච්ඡාමය විසඳුම්වලට එළඹීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ දැක්වේ.


