29.6 C
Galle

රටපුරා විදුලිය විසන්ධිවීම්, බලාගාර කිහිපයක් අක්‍රියයි

Published:

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතැම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක නොවන බව එම මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

මේ වනවිට ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බව ද ඔහු කියා සිටියේය.

ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති අතර වෘත්තිය සමිති කිහිපයක් තමන් විදුලි බල වැඩ වර්ජනයට සහයෝගය නොදෙන බව ද ප්‍රකාශ කර තිබිණි.

ලංවිම ස්වාධීන ඉංජිනේරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සවස කියා සිටියේ තම සංගමය ජනතාව පීඩාවට පත්ව සිටින මෙම අවස්ථාවේ තවදුරටත් ඔවුන්ට පීඩාකාරී වන වැඩවර්ජනයට සහයෝගය නොදෙන බවයි.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඊයේ (08) රාත්‍රී පැවැත්වූ සාකච්ඡාකින් පසු වැඩ වර්ජනය නතර කළ බවයි.

අපට තොරතුරු වාර්තාවන ආකාරයට ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියොන්, විමලසුරේන්ද්‍ර යන බලාගාර මේ වනවිට අක්‍රිය වී තිබේ.

දිවයින පුරා ප්‍ර‍දේශ ගණනාවකින් විදුලිය බිඳ වැටීම් ද වාර්තා වී ඇත.

Related articles

error: Content is protected !!