සාමකාමී උද්ඝෝෂකයන්ට කොළඹ දී පසුගිය මැයි 09 වැනි දා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පිත දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයේන නීතිපති උපදෙස් පරිදි මූලික විමර්ශනයක් සිදුකරන්න යැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
ආයතන සංග්‍රහය යටතේ එම විමර්ශනය සිදුකරන ලෙසත්, එම නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් පරීක්ෂණය සිදුකළ යුතු බවත් සඳහන් කර ඇත.
මේ සඳහා පොලිස් කොමිසමේ ලේකම්වරයාව සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක සුදුසු යැයි ද නිර්දේශ කර ඇත. එමෙන් ම පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව දින 45ක් ඇතුළත තමන්වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.


