තමන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව අද (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
තමන් පුද්ගලිකව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බවත් එලෙස විරුද්ධ වන්නේ ජනතාව විසින් බලය දුන් ජනාධිපතිවරයාගේ බලය කප්පාදුකර තම පක්ෂයෙන් පත්කළ බලයක් නැති අගමැතිවරායට වැඩි බලයක් දීම හේතුවෙන් බවත් හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තුවට වැඩි බලයක් දීමට තමන් කැමති බවත්, නමුත් ද්විත්ව පුරවැසි ප්‍රශ්නයේ දී තමන් ඊට සම්බන්ධවීමට කැමති නැති නිසා කලින්ම ඉල්ලා අස්වන බවත් බැසිල් රාජපක්ෂ කීවේය.
ඔහු මෙම සාකච්ඡාවේ දී ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කිරීමට විරුද්ධ බව සඳහන් කළඳ තවත් මාධ්‍යවේදියකු 21 සම්මත වේදැයි විමසූ විට ඊට හාත්පසින් ම විරුද්ධ අදහසක් කියමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ විධායක ජනාධිපතික්‍රමයට තමන් ඇතුළු තම දේශපාලන කඳවුර විරුද්ධ බවයි. මෙය එකිනෙකට පරස්පර අදහස් දැක්වීමකි.
21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ දී සම්මත වන්නේ ද යන්න පිළිබඳ ඔහු කියා සිටියේ ඒ ගැන තමන් දන්නේ නැති බවයි.
තමන් වසරකට වතාවක් ඇමෙරිකාවට යන බවත් ඉල්ලා අස්වීමෙන් පසු ටික දිනක් ශ්‍රී ලංකාවේ රැඳී සිට දැනට පවසන කරුණු සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ගැන සොයා බැලීමෙන් අනතුරුව ඇමෙරිකාවට යන බවත් ඔහු පවසයි.
ඇමෙරිකාවේ ද පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන් ඇමෙරිකාවට ගිය ද යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.


