29.6 C
Galle

විදුලි වර්ජනයට එරෙහිව අධිකරණයෙන් වාරණයක්

Published:

කොළම දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් විදුලිබල මණ්ඩලයට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

විදුලි බල මණ්ලයට අද (09) සිට දින 14ක කාලයක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනක නිරතවීම සහ එමගින් ජනතාවට විදුලිය අඛණ්ඩව සැපයීම කඩකප්පල්කාරී කිරීම වළක්වාලමින් මෙම නියෝගය දී ඇත.

ශ්‍රී ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සහ එම සංගමයේ මහ ලේකම් ධම්මික විමලරත්න දෙදෙනාට මේ වාරණය නිකුත් කර තිබේ.

මෙම නියෝගය හැකි ඉක්මණින් අදාල පුද්ගලයන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දෙන ලෙස ද දිසා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට අධිකරණය නියෝග කර තිබේ. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාගයට ගනිමින් මෙම නියෝගය නිකුත්කෙරිණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය නැවත ලබන 22 වැනි දා කැඳවීමට නියමිතය.

Related articles

error: Content is protected !!