“අපේ අයට දේශපාලනය කරන්න පුළුවන්. ඒත් රාජ්‍ය පාලනය බෑ. දේශපාලනයයි, රාජ්‍ය පාලනයයි කියන්නේ දෙකක්. ඒ නිසා තමයි මේ දේවල් මෙහෙම වුණේ” යැයි බැසිල් රාජපක්ෂ අද (09) කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.
ඔහු පවසන්නේ රාජපක්ෂවරුන්ට සහ තම පක්ෂයට දේශපාලනය හොඳින් කළ හැකි වුව ද රාජ්‍ය පාලනය කළ නොහැකි බවයි. නමුත් ජනතාව අවස්ථා තුනක් ම රාජපක්ෂවරුන්ට රට බාරදුන් බව ද හෙතෙම කීවේය.
මෙහි දී මාධ්‍යවේදියකු විමසා සිටියේ අලුතෙන් පටබැඳ ඇති නම ගැන කුමක් හිතෙන්නේ ද යන්නයි.
තමන් මිහිමත සිටින සියලු සත්වයන්ට කැමති බවත් දැන් තම දුරකථනයෙන් පවා ඇහෙන්නේ සතාගේ නම සමඟ බැසිල් බැසිල් කියන ශබ්දය බවත් හෙතෙම කීවේය. “ඒ බ්‍රෑන්ඩ් නේම් එකට මම කැමතියි.” කීව ද සතාගේ නම ඔහු නොකියන්නට පරෙස්සම් වූයේය. මාධ්‍යවේදීන් ඒ නම ඔහුගේම හඬින් අසා දැනගැනීමට ප්‍රශ්න ඇසුව ද ඔහු අවසානයේ කීවේ “සතා කවුද කියලා මට වඩා හොඳට ඔයාලා දන්නවානේ” යනුවෙනි.
එසේ කියමින් ඔහු තම ඉල්ලා අස්වීමෙන් පසු පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවව නිමා කළේය.


